FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාවේ මිනිස් වෙළඳාම යළි ආරම්භ කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක බිල් ෂෝර්ටන් අවධාරණය කරයි

 

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂාව සම්බන්ධයෙන් එරට කම්කරු පක්ෂය දුර්වල ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පවසමින් පැතිර යන පුවත් ව්‍යාජ බවත්, පුද්ගල ජාවාරම් හා මිනිස් වෙළඳාම ඔස්ට්‍රේලියාවේ යළි ආරම්භ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් ඔස්ට්‍රේලියා විපක්ෂ නායක හා කම්කරු පක්ෂ නායක බිල් ෂෝර්ටන් අවධාරණය කරයි.

සිය පක්ෂයට එක්ක වන චෝදනා සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ඔස්ට්‍රේලියා විපක්ෂ නායක හා කම්කරු පක්ෂ නායක බිල් ෂෝර්ටන් මෙසේ පවසා සිටියේ ය.

“අපි අනවසර සංක්‍රමණික බෝට්ටු නැවත හරවා යවන්නෙමු. ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් රටින් පිට රඳවා තැබීම පිණිස කඳවුරුවල සහාය පතන්නෙමු” යනුවෙන් පවසන ෂෝර්ටන්, රැකවරණ පතමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නනට කිසිදු අවස්ථාවක ඉඩ නොදෙන බවත් කියයි.

රැකවරණ පතමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන්නන් වෙනත් රටවල නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධ වැඩපිළිවෙළ නොකඩවා ඉදිරියට ගෙන යන බව ද ඔහු කියයි.