2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම අවධානමකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය සිය නිල ට්විටර් ගිණුම මගින් සඳහන් කරයි.
නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවත් ඒ අනුව කඩිනමින් නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපතිවරයා බලකරන බව එමගින් අවධාරණය කර තිබේ.









