මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය මේ මස 21 වැනිදා දුම්රිය දෙපාර්තුමේන්තුව වෙත භාර දීමට නියමීත බව දුම්රිය සමාන්‍යාධීකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවසීය.
මේ අනුව මාතර සිට බෙලිඅත්ත දක්වා විනාඩි 15 ක් වැනි කාලයකින් ගමන් කළ හැකි වන බවද එ මහතා පැවසීය.
එසේම කොළඹ කොටුව සිට මාතර දක්වා ධාවනය කෙරෙන දුම්රිය බෙලි අත්ත දක්වා දිර්ඝ කෙරෙන බවත් දුම්රිය කාල සටහනේ සුළු වෙනසක් සිදු කෙරෙන බවද එ මහතා පැවසීය.








