FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ විභාගයට වංචාකල සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට…

 

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පළමු වන කොටසේ ප්‍රශ්න පත්‍රය සඳහා අදාළ අයදුම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි  සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එක් සැකකරුවෙක් තණමල්විල – බෝදාගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් ද , තවත් සැකකරුවෙක් කල්මුණේ – සයින්දමරදු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් සහ අනික් සැකකරු මාතර – තිහගොඩ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් ද විභාගයට පෙනී සිට ඇත.

සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.