FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ කමීටු වාර්තාව ජනපතිට..

 

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනපති විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වු බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඞී. ලක්ෂ්මන් මහතා විසින් කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.