පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම ජනවාරි 28 දක්වා කල් තැබීමට අද (10) නියෝග කරනු ලැබීය.
ඒ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැදවූ අවස්ථාවේදීයි.
අධිකරණයට අපහාස කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.
ගිය වසරේ අගෝස්තු මාසයේදී රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකින් පසුව රාමනායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවයි.








