FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන 22 වැනිදායින් ඇරඹේ..

 

ශ්‍රීපාද වන්දනා සමය එළඹෙන 22 වැනිදාට යෙදෙන උදුවප් පොහෝ දිනයෙන් ඇරඹේන බව ශ්‍රීපාදස්ථානාධිපති සිරි ධම්මදින්න ස්වාමින් වහන්සේ පවසයි.

ඒ අනුව පැල්මඩුල්ල,ගල්පොත්තාවෙල. ශ්‍රී රජමහ විහාරස්ථ සුමණ මහ මන්දිරයේ තැන්පත් සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමාව දෙසැම්බර් 21 වැනිදා අලුයම ශ්‍රීපාද මඵවට වැඩම කිරීමට නියමිතය.

ඊට සමගාමීව ශ්‍රීපාද මඵව දක්වා මාර්ග තුනෙන් පෙරහර 3 ක් පැවැත්වෙන බව ශ්‍රීපාදස්ථානාධිපති සිරි ධම්මදින්න ස්වාමින් වහන්සේ පැවසීය.

ශ්‍රීපාද වන්දනාවාරය ආරම්භ කිරීම වෙනුවෙන් සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ කරුණු දැක්වුහ.