FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව කැඳවිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී, කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතීඥවරයෙකු වන අරුණ ලක්සිරි නමැත්තා විසින් එය ගොනු කර තිබේ.

කථානායකවරයා විසින් මෙසේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවෙ අදාළ පෙත්සම මගින් අවධාරණය කර තිබේ.