එළැඹෙන උත්සව සමයේදී මගී ජනතාවගේ පහසුව සදහා අමතර දුම්රිය සේවා සහ බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
කොළඹ – පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ හා තදාසන්න නගරවල සිට පිට පළාත්වලට අමතර බස් යොදා ඇති අතර
එම සේවාවන් මේ මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වේ.
මගී ජනතාවගේ අවශ්‍යතාව අනුව බස් ප්‍රමාණය ඉහළ නංවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක මහතා සදහන් කළේය.
ලබන 20 වැනිදා සිට කොළඹ සිට පිට පළාත්වලට අමතර පුද්ගලික බස්රථ සහ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.








