FAST NEWS

24×7 Around the Globe

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට..

 

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය ඊයේ (09) පස්වරුවේ බණ්ඩාරවෙල හා කිණිගම දුම්රිය ස්ථාන අතර පිළිපැනිම හේතුවෙන් බාධා එල්ලවූ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ අනුව ඊයේ (09) පස්වරු 5.30 ට පමණ සිදුවූ දුම්රිය පීලිපැනීම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අද (10) අලුයම 2.30ට පමණ අවසන් ව තිබේ.