FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ පොදුජන පෙරමුණේ සාමාජිකයන් අතර හමුවක්…

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පෙරවරු 10.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු ගත යුතු දේශපාලන ක්‍රියාමාර්ග සහ මැතිවරණයක් පැවැත්වුවහොත් ඊට තරඟ කරන ආකාරය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

මේ අතර, බැසිල් රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණට සහය පළ කරන දේශපාලන පක්ෂවල නායකයින් අතර හමුවක් ඊයේ (09) පවත්වා ඇති අතර එහිදී අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළ යුතු කරුණු පිළිබදව ද අවධානයට යොමු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.