FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහට යළි අගමැතිකම ලබා දීමට රිෂාඩ් බදීයුදීන්ගේ සහාය..

 

රනිල් වික‍්‍රමසිංහ මහතාට යළි අග‍්‍රාමාත්‍ය ධුරය ලබාදීම සඳහා තම පක්ෂය සහය ලබාදෙන බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය ඇති බවට එක්සත් ජාතික පක්ෂය ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට සිය පක්ෂයේ සහාය ලබා දෙන බව හෙතම පවසයි.

ඔක්තෝබර් 26 වැනිදා අහිමි කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කළ යුතු බවත්, ඉවත් කරන ලද නීත්‍යානුකූල කැබිනට් මණ්ඩලය යළි ස්ථාපිත කිරීම අවශ්‍ය බවද එ මහතා අවධාරණය කරයි.

එසේම රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්දැයි විමසා බලන යෝජනාවට තම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහය පළ කරන බවද ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාවුෆ් හකීම් මහතා ද ප්‍රකාශ කර තිබේ.