FAST NEWS

24×7 Around the Globe

ලංකා කම්කරු කොංග්‍රසය සහ ජනපති අතර අද (10) හමුවක්..

 

ජනාධිපතිතුමා සමග ලංකා කම්කරු කොංග්‍රසයේ සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව ඇත.

ඒ වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප් රුපියල් 1000 දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන්.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආරුමුගන් තොණ්ඩමණ් මන්ත්‍රීවරයා මේ පිළිබද සදහන්කර සිටි අතර

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරුමුගන් තොණ්ඩමණ් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය ඊයේ වන විට 06 වෙනි දිනටත් ක්‍රියාත්මක බවය.

වතු කම්කරුවන් වෙනුවෙන් ඉල්ලා සිටින රුපියල් 1000 දෛනික මූලික වැටුප වතු සමාගම්වලට ලබාදීමට හැකියාව තිබියදී එම මුදල ලබා නොදෙන්නේ නම් තේ වතු යලිත් රජයට භාරදිය යුතු බව තොණ්ඩමණ් මහතා එහිදී පැවසුවේය.