තවදුරටත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ දැක්වෙයි.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් දක්වා වන තරමක් තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.








