FAST NEWS

24×7 Around the Globe

අගමැති ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 05 ක් වරප්‍රසාද කමිටුවට..

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් පස්දෙනෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට හා මූල්‍ය කමිටුවට කැඳවන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය කතානායකවරයාට යෝජනාවක් භාර දී තිබේ.
අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්.ආටිගල, යන මහත්වරුන් ඇතුළු නිලධාරින් 5 දෙනෙකු මෙලෙස කැඳවන ලෙස ඉල්ලා ඇති අදාළ යෝජනාවට අත්සන් තබා ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සය දෙනෙකි.