FAST NEWS

24×7 Around the Globe

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට නව අධ්‍යක්ෂකවරයෙක්..

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් එස් ඊ ජයසුන්දර මහතා පත් කර තිබේ.

ජයසුන්දර මහතා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට අමතරව අමාත්‍ය සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ද පත් කර ඇත.

ඒ මහතාගේ පත්වීමෙන් පුරප්පාඩු වූ යාපනය කොට්ඨාස භාර නිලධාරී තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යූ පී ඒ ඩී කේ පී කරුණානානායක මහතා පත් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

කරුණාරත්න මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙස කටයුතු කරමින් සිටියේය.