FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු ගැටුමෙන් සිදුවූ හානිය දෙලක්ෂ 60,000 ක්…

 

පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී අවස්ථාවන් වලදී එහි සිදුවූ දේපල හානිය රුපියල් දෙලක්ෂ 60,000 ක් පමණ වන බව තක්සේරු කර ඇත.

අදාළ තක්සේරුවට අනුව සභා ගර්භයේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට සිදුව ඇති හානිය දෙලක්ෂ 30,000 ක් වන බවත් දෙපස කුටිවල සවි කර ඇති යකඩ කූරු වලට රුපියල් 30,000 ක පමණ අලාභ හානියක් සිදුව ඇති බවත් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම තක්සේරුව සිදුකර ඇත.

සභා ගර්භයේ තිබූ පොත්පත්වලට වූ හානිය මේ වනවිට ගණනය කරමින් පවතින බව වේත්‍රධාරිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගැටුම්කාරී තත්ත්වයෙන් පසුව රාජ්‍ය රක්ෂණ සමාගමක නියෝජිතයින්ද පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණය නිරීක්ෂණය කර ඇති අතර එම තක්සේරුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට සිදුවූ අලාභය එම සමාගම හරහා ප්‍රතිපූර්ණය කිරීමට කටයුතු කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.