FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් සභාවේ අයවැය වැඩි ඡන්ද 28 කින් සම්මතයි…

 

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මණ්ඩලයක් සහිත ඌව පළාත් සභාවේ 2019 අයවැය ඊයේ (06) රාත්‍රියේ පැවති සභා වාරයේදී වැඩි ඡන්ද 28 කින් සභාවේ සම්මත වී ඇත.

එජනිපයේ සහ එජාප මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න හා ආර්.එම් ජයවර්ධන යන මන්ත්‍රීවරු දෙදෙනා පමණක් විරුද්ධව ඡන්දය භාවිතා කර ඇත.

විවාදයේදී සමන්ත විද්‍යාරත්න මහතා මන්ත්‍රීවරුන් පිළිබඳව කල ප්‍රකාශයක් හේතුවෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ද මතුවී තිබේ.

04, 05, 06 යන දිනයන්හි අමාත්‍යංශ වැය ශීර්ෂයන් පිළිබඳව විවාදය පවත්වා වෙන් වෙන් වශයෙන් ඡන්දය විමසූ අතර ඒ සියල්ල සභා සම්මත වී ඇත.

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන, විදුලිබල හා බලශක්ති, ඉදිකිරීම් හා ඉඩම් අමාත්‍යංශයේ වැය ශීර්ෂයටද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා පමණක් විරුද්ධව ඡන්දය පරිහරණය කර ඇත.