FAST NEWS

24×7 Around the Globe

අඩු පීඩන තත්ත්වය තවදුරටත්…

 

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සබරගමුව පළාතේ සහ කළුතර ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව එම දෙපාරේතමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාරේතමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.