නීතිවිරෝධීව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තුන්දෙනෙකු ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් තිස්පන් ලක්ෂයකට ආසන්න බවත් එම නිළධාරීන් පවසයි.
මෙම සැකකරුවන් අතර කාන්තාවක් ද සිට ඇති අතර මොවුන්ගේ ගමන් මළු තුළ දුම්වැටි 63,600 ක් අඩංගු කාටුන් 318 ක් සගවා තිබූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.








