ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකරනු ලැබූ පෙත්සම් විභාගය සිව් වන දිනයටත් ආරම්භ කරනු ලැබීය.
…………………………………………………………………………………………………………………………………………………………………..
ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව 13 ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් 04 වන දිනටත් අද (07) යළිත් විභාගයට ගැනීමට නියමිතය.
අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වීම ඊයේ අවසන් කෙරුණි.
එමෙන්ම අද දිනයේදී පෙත්සම්කාර පාර්ශවයට පිළිතුරු ලබාදීමේ අවස්ථාව හිමිවනු ඇත.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය හෙට (08) දක්වා දීර්ඝ කර ඇත.
පෙත්සම් විභාගයට ගැණුනේ අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීයි.








