FAST NEWS

24×7 Around the Globe

උත්සව සමය ‍වෙනුවෙන් 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා..

 

එළඹෙන උත්සව සමය ඉලක්ක කර ලබන 20 වැනිදා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එම බස් සේවය ජනවාරි 02 වන දා දක්වා ක්‍රියාත්මක බවද හෙතෙම පැවසීය.

ඊට අමතරව උත්සව සමය වෙනුවෙන් ලබන 15 වන දා සිට කෙටි ගමන් සේවා බස් ද ක්‍රියාත්මක කෙරෙන බවත් එම බස් රථ මීගමුව, ජා-ඇල වෙන්නප්පුව ආදී ප්‍රදේශ ඉලක්ක කර ධාවනය කෙරෙන බවද පැවසීය.