කුරුණෑගල නගරයේ ප්රසිද්ධ ස්ථාන වල ප්රදර්ශනය කර ඇති දේශපාලන පක්ෂ වලට අයත් බැනර් හා කටවුඩ් සියල්ලම ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය කුරුණෑගල පොලීසියට නියෝග කර ඇත.
කුරුණෑගල පොලීසියේ අපරාධ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන එම නියෝගය ඉදිරිපත් කර ඇත.
රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය මත කුරුණෑගල නගරයේ ප්රදර්ශනය කර ඇති දේශපාලනඥයින්ගේ රුව සහිත බැනර් හා කටවුඩ් කටයුතු වලට යම් හානියක් සිදුවුව හොත් එයින් නගරය තුළ මහජන කැළඹිමක් ඇති විමට ඉඩ ඇති බැවින් පොලිසිය මෙම ඉල්ලිම කර තිබුණි.








