FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී පාද වන්දනාවේ එන බැතිමතුන්ගේ පහසුවට මංතීරු දෙකක්..

 

මෙවර ශ්‍රී පාද වන්දනා සමයට ප්‍රථම හැටන් ශ්‍රී පාද මාර්ගයේ නල්ලතන්නිය මොහිණී ඇල්ලේ සිට නල්ලතන්නිය දක්වා වූ ප්‍රධාන මාර්ගය කපා පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මඟින් ආරම්භ කර ඇත.

මෙතෙක් කල් එම මාර්ගය එක් වාහනයකට පමණක් ගමන්කළ හැකි ලෙස අඩි 08 ක ප්‍රමාණයක් තිබී ඇති අතර එය මංතීරු දෙකක් වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගෙන එන රථ වාහන ධාවනයේදී ගැටළු රැසක් මතුවීම හේතුවෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් කළ ඉල්ලීමක් මත මෙම මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබේ.

නොර්වුඩ් මහා මාර්ග කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා කියා සිටියේ ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 22 දින ආරම්භ වන අතර ඊට ප්‍රථම එම මාර්ගයේ මංතීරු දෙකක් රථවාහන ගමනා ගමනයට එක් කරන බවයි.