FAST NEWS

24×7 Around the Globe

ජල විදුලි නිෂ්පාදනය 50 % දක්වා ඉහළට…

 

මේ දිනවල දිවයින පුරා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 50% ක් දක්වා ඉහළගොස් තිබෙන බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

විදුලිය නිෂ්පාදනය කරන සියලුම ජලාශවල ජල මට්ටම පොදුවේ 83% ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම , ජල විදුලි නිෂ්පාදනය 50% ක් දක්වා ඉහළ යෑම හේතුවෙන් නොරොච්චෝලේ තාප බලාගාරයේ එක් යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නවතා දැමූ බවද විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටී.