FAST NEWS

24×7 Around the Globe

මිලියන 2778 ක හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් කොටු..

 

රුපියල් මිලියන 2778 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 231.54 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට පත්ව ඇත.

එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය සමග කොටු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම මෙහෙයුම දියත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.