FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්සේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට..

 

ගල්කිස්ස කල්දමුල්ල මංසන්ධිය ප්‍රදේශයේ නිවසක් අසළදී ඊයේ (05) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මුහුණු ආවරණය කරගත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ඉන් මිය ගියේ මොරටුව – කල්දෙමුල්ල ප්‍රදේශයේ පදිංචි ළහිරු උදාර සඳරුවන් නැමති 30 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්කිස්ස පොලීසිය මඟින් සිදුකරන අතර අද දිනයේදී සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවට ලක් කිරීමට ද නියමිතය.