FAST NEWS

24×7 Around the Globe

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරිමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 17 වැනිදා අවසන්..

 

ජාතික පාසල් 302 ක්‌ සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ සම්මුඛ පරීක්‍ෂණ ලබන 17 වැනිදා අවසන් කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යපන අමාත්‍යාංශය කියයි.

ඊට ප්‍රථමයෙන් සම්මුඛ පරීක්‍ෂණ අවසන් කිරීමට නියමිතව තිබුණද සාමාන්‍ය පෙළ විභාගයේ රාජකාරිවල යෙදී සිටින විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම මත නියමිත දින වෙනස්‌ කිරීමට සිදුවූ බවද අමාත්‍යාංශය කියයි.

සම්මුඛ පරීක්‍ෂණ අවසන් කිරීමෙන් පසු සුදුස්‌සන්ගේ නාම ලේඛනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට කඩිනමින් යොමු කරන බවද පැවසේ.

එකම ජාතික පාසලේ වසර අටකට වැඩි සේවා කාලයක්‌ සහිත විදුහල්පතිවරුන් සිටින පාසල් ද පුරප්පාඩු සහිත පාසල් ලෙස සලකා අයදුම්පත් කැඳවීමට අමාත්‍යාංශය කටයුතු කළේය.