FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ තීරණයට එරෙහි පෙත්සමේ නීතිපතිගේ කරුණු දැක්වීම් අවසන්..

 

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ , ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශව 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට අදාළව නීතිපතිවරයාගේ කරුණු දැක්වීම මේ වනවිට අවසන් වී ඇත. 

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා කියා සිටියේ ජනපතිගේ තීන්දුවට එරෙහිව පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.

අද පෙරවරු 10.00 ට පමණ මෙම පෙත්සම විභාගය ආරම්භ කෙරුණේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.