ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පැමිණ විට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (05) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
” රනිල් වික්‍රමසිංහ මහතා සතරවරම් දෙවියන්නේ නාමයෙන් පලයව් පලයව් කියනවා. එතුමා සතරවරම් දෙවියන් ගැන දන්නවද දන්නේ නෑ. අපි කියන්නේ සතරවරම් දෙවියන්ගේ නාමයෙන් මැතිවරණයකට පලයව් කියලයි. අපි කියන්නේ ඡන්දයකට යමු කියලයි.ඔක්කොටම වඩා බලවත් ජනතාවයි. ජනපති මල් වට්ටියක් ගැන කිව්වේ ඡන්දයක් ගැනයි. අපි කෙටි කාලයක් තුළ සහන 31ක් දුන්නා. අපි ආවොත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා. අද ජනපති හිරකාරයෙක් වෙලා තියෙන්නේ”








