FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා හිතුවක්කාරියි – කථානායක..

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා සදහන්කර සිටියේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හිතුවක්කාරී ලෙස කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු සැසි වාර සජීවී විකාශය සඳහා එම සංස්ථාවට මුදල් ගෙවා ඇති බවත් , අදාල විකාශය සිදුකරන ලෙස අවස්ථා තුනකදී දැනුම් දුන්නත් මේ වනතෙක් එය සිදුකර නොමැති බවත් කථානායකවරයා එහිදී ප්‍රකාශ කළේය.