FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය දෙවැනි දිනටත් ඇරඹෙයි..

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් විභාග කිරිම සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (05) දෙවැනි දිනයටත් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනයේ පක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් හා විපක්ෂව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.

එම පෙත්සම් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය දෙසැම්බර් 07 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව එම පෙත්සම් දෙසැම්බර් 04/05/06 යන දිනයන්හි විභාග කිරිමට දින නියම කෙරුණි.