FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්..

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කීපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් දෙවන දිනටත් අද (05) යළිත් විභාගයට ගැනීමට නියමිතව ඇත.

අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙනු ලබයි.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් විසින් මෙම පෙත්සම් ගොනුකරනු ලැබීය.