හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද මහාපරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
එම කොමිෂන් සභාවේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ රක්නා ලන්කා ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා අද කොමිසම වෙත කැඳවා ඇති බවය.
මේ අතර රක්නා ලන්කා ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.







