අද (04) දිනයේත් උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
සෙසු පළාත්වලට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවත් , එවිට ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් , අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.








