FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී..

 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ලබන 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) නොතීසි නිකුත කළේය.

ඉකුත්දා රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ ද යන්න පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණය මෙම පියවර ගෙන තිබේ.

මෙම පැමිණිල්ලක් කැඳවන ලබන 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නීතිපතිවරයාට ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීමක් සිදු කර තිබේ.