අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම අසා නිමවන තුරු මෙම අතුරු නියෝගය බල පැවැත්වේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට ලබන 12 වැනිදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නැයිද අභියාචනාධිකරණය අද (03) නොතීසි නිකුත් කළේය.
පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිතිපද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලට අමාත්‍ය ධුර දැරිමේ නිත්‍යානුකූල හිමිකමක් නොමැති බැවින් ඔවුන්ගේ පත්විම් බල රහිත කරන ලෙස අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.








