එක්සත් ජාතික පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටු වීමට නියමීක ජාතික ආණ්ඩුවේ නව ඇමති මණ්ඩලය හෙට (25) දිවුරුම්දීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ එය සිදු කෙරෙන බව වාර්තා වේ.
එ අනුව නව ඇමති මණ්ඩලයේ සංයුතිය කැබිනට් අමාත්‍ය ධුර 40 ක්, රාජ්‍ය අමාත්‍ය ධුර 10 ක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර 30 ක් ලෙස සකස් වී ඇත.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ජාතික ආණ්ඩුවට එක්වන මන්තී‍්‍රවරුන්ට ලබාදෙන අමාත්‍ය ධුර සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව වැඩි දුරටත් වාර්තා වේ.
බොහෝ විට එක්සත් ජාතික පක්‍ෂයට කැබිනට් අමාත්‍ය ධුර 16 ක් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට කැබිනට් අමාත්‍ය ධුර 14 ක් හිමිවනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් වෙන් කිරීම සහ ඊට අදාළ සෙසු කරුණු සම්බන්ධයෙන් අද (24) දිනයේද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමීතය.







