FAST NEWS

24×7 Around the Globe

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයට කඳුළු ගෑස් ප්‍රහාර..(update)

 

විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීන් විසුරුවා හැරීමට පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

……………………………………………………………………………………………………………………………………………………………………….

රැකියා විරහිත උපාධිධාරීන් විසින් සිදුකරනු ලබන විරෝධතාව හේතුවෙන් පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 

අද (03) පෙරවරුවේ කොටුව දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතාව කොළඹ කොටුව බැංකු මාවත හරහා ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමඟ උණුසුම් තත්ත්වය ඇතිකර ගත්හ.

රැකියා විරහිත උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ලෙස සහ සංවර්ධන නිලධාරීන් 20,000 කට ආසන්න පිරිසකගේ පත්වීම් අත්හිටුවීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය පවත්වා ඇත.