අද (03) මධ්‍යාහ්න 12.00 සිට හෙට (04) මධ්‍යාහ්න 12.00 දක්වා කාලය තුළ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
මෙම නිවේදනය උතුර, උතුරු-මැද පළාත් සඳහාත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහාත් වලංගු වෙයි.
අදාළ නිවේදනයේ සඳහන් වන පරිදි එම ප්‍රදේශ සඳහා ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-1500 දක්වා තද වැසි අපේක්ෂා කළ හැකි බව වැඩිදුරටත් දැක්වෙයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතැවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.








