හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතුය යන එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ තීරණයෙ වෙනසක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් සඳහන් කර තිබේ.
ඒ අනුව අද (03) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී නැවත වරක් මේ බව අවධාරණය කරන බවත් එහ සඳහන්.









