FAST NEWS

24×7 Around the Globe

අගමැතිට හා අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සමේ තීන්දුව සවස 03 ට..

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගොනු කළ පෙත්සමේ තීන්දුව පස්වරු 3.00ට ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද (03) මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් අදාළ පෙත්සම ගොනුකරනු  ලැබීය.