ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දුන් රුපියල , රුපියල් දෙක , රුපියල් පහ සහ රුපියල් දහයේ නව කාසි බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා අද (03) සිට සංසරණයට නිකුත් වන අතර මෙරට තුල සිදු කෙරෙන මුදල් ගණුදෙනු සදහා අද සිට මෙම නව කාසි වර්ග භාවිත කිරීමේ හැකියාව ජනතාවට හිමිවෙයි.
මෙම නව කාසි හදුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගනු ලැබුවේ පහසුවෙන් රැගෙන යා හැකි බව , දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට කාසි වර්ග හදුනාගැනීමේ පහසුව සහ කල් පැවැත්ම යන කරුණු මතයි.







