FAST NEWS

24×7 Around the Globe

ජනාධිපතිවරයා සහ එජාපෙ අතර සාකච්ඡා අද (03) පස්වරුවට කල් යයි..

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඊයේ (02) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අද (03) පස්වරු 8.00 දක්වා කල් තබා ඇත.

පවතින දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුකිරීමට නියමිතය.

ඊයේ පස්වරුවේ ද ජනාධිපතිතුමාගේ සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ජාවක් ජනාධිපති නිල නිවසේදී පැවත්විය.