අද (03) සිට දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.
සෙසු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.








