FAST NEWS

24×7 Around the Globe

අපොස සා/පෙළ විභාගය අදින් ඇරඹෙයි…

 

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (03) ආරම්භ වේ.

ලබන 12 වනදා දක්වා විභාගය පැවැත්වෙන අතර දිවයින පුරා විභාගය මධ්‍යස්ථාන 4661 කදී අපේක්ෂකයින් හයලක්ෂ 56,641 දෙනෙකු පෙනී සිටිනු ඇත.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර ගත රැඳවියන් 14 දෙනෙකු අයදුම් කර ඇති අතර, ඔවුන්ට ඒ සඳහා මැගසින් බන්ධනාගාරයේ පහසුකම් සළසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙවර විභාගයට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.