පසුගියදා පන්නිපිටිය – ඇරැව්වල ප්රදේශයේ නිවසකට ඇතුල්වී නිවෙස් හිමියාට පහරදී මැණික් හා දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තුසිත මදුරංග නොහොත් මාතර මල්ලී නැමැත්තා ඊයේ (01) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් ගල්කිස්ස – මැලිබන් හන්දිය ප්රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසළදී මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු 38 හැවිරිදි මාතර – රොටුඹ ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.








