FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිළධාරින් දෙදෙනාගේ ඝාතනය සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට..

 

මඩකලපුව, වව්නතිව් පොලිස් මුරපොළක සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

රාසනායගම් සර්වානන්දම් නමැති 48 හැවිරිදි මෙම සැකකරු කිලිනොච්චිය පොලීසිය විසින් කිලිනොච්චිය වට්ටකච්චිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගෙන තිබේ

ඔහු කිලිනොච්චිය, හඩ්සන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවත් පැවසේ.