FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් මිහින් ලංකා පිළිබඳ කොමිසම දිර්ඝ කෙරේ..

 

ශ්‍රී ලංකන් / මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් ආයතනවල සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමේ අරමුණින් පත්කල ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කර තිබේ.

ලබන 31 වනදායින් එහි කාලය අවසන්වීමට නියමිතව තිබුණි.

එහෙත් ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනයකට අනුව ලබන වසරේ පෙබරවාරි 15 වනදා දක්වා එහි කාලය දීර්ඝ කර ඇත.

2006 වසරේ ජනවාරි පළමුවනදා සිට පසුගිය ජනවාරි 31 වනදා දක්වා කාලය තුළ අදාළ ආයතන තුනෙහි සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය මෙම ජනාධිපති කොමිසමට පැවරී ඇති ප්‍රධාන කාර්යයයි.