ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අඩු වීමත් සමග බස් ගාස්තු පහල දැමීමට කටයුතු කරන්නේද යන්න පිළිබද අද (01) දිනයේදී අවසන් තීරණයක් ගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසයි.
එම සංගමයේ විධායක සභාව අද (01) පස්වරු 01 ට රැස්වී මේ පිළීබද සාකච්ඡා කිරිමට නියමිත බව එම සංගමය පැවසීය.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ මෙතෙක් කිසිදු අවධානයක් යොමු කර නොමැති බවයි.
ත්‍රීරෝද රථ ගාස්තු රුපියල් 10 කින් අඩු කිරීමට සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව පළමු කිලෝමීටරය සදහා දැනට රුපියල් 60 ක්ව පවතින ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 50 දක්වා අඩු කෙරෙන බවයි සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පැවසීය.






